Wednesday, March 29, 2017

හරිම බාල බ්ලොග් එකක්...



සිංහල බ්ලොග් වලට සම්මාන දුන්න එක මහා විනාසකාරී, පාපකාරී වැඩක් වෙලා, ඒ නිසා බ්ලොග් ලෝකෙ විනාස වේගෙන යන්න හදනව කියල ලුං වල, කොරස්, පීරිසි කුට්ටම් වල ඉන්න කිඹුල්ලු කියන අතරෙ මම හිතුව යන වැලට තව එකක් කියල මේ බාල බ්ලොගය හඳුන්වල දෙන්න.


මේ බ්ලොග් එක වයසින් බාලයි, ලියන්නත් බොහොම බාලයි. ඒත් ඉතින් ඕනෑම පියෙකුට මවකට දරුව බාල නෑනෙ. ඒ නිසා බාල කාලෙම බාලයො ඇසුරු නොකර පණ්ඩිත ඇසුරට කියල මගේ ලොකු පුතාට බ්ලොග් එකක් හදල දුන්න.


ලියන්නෙ එයා, ඇඩ්මින්ම් මම. දැන් ඉතින් අඩු ගානෙ ලියන කොල කඩදාසි නැති නොවී මේ අවකාෂයෙ තියෙයිනෙ දරුව ලොකු මිනිහෙක් වෙනකොට, එදාට වයසට ගිය අපිට කියවල සතුටුවෙන්න.


එහෙනම්, මෙතනින් ගිහින් කියවන්න,


තවම පෝස්ට් දෙකයි දැම්මෙ. ඒව ගැන අවංක අදහස් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ලියන්න, විශේෂයෙන් සිංහලෙන් කමෙන්ට් කරොත් ඒක එයාගෙ සිංහල දැණුම වර්ධනයට තවත් උපකාරයක් වේවි.
 

36 comments:

  1. හොඳයි ඇඩ්මින් මාමේ....

    ReplyDelete
  2. හොඳයි ඇඩ්ඩිං අයියෙ. අපි මේ ගැන සලකා බලන්නං.

    ReplyDelete
  3. ලුං කියන්නෙ මොනවද ???

    ReplyDelete
  4. සැහැල්ලුයි.. ජය බෝලී නාත් අදයි මේ පැත්තෙ ආවෙ

    ReplyDelete
  5. ඒකත් ෂේප් එකේ පුතාගෙ ඇඟේ ගහලා මාරුවෙන්ට හදන්නෙ.. ඇයි උඹේ බ්ලොග් ලියැවිල්ලට ගුල්ලො ගහලා ද?

    ReplyDelete
    Replies
    1. උඹල තාම අපේ බ්ලොග් බලනව කියල දන්න එකම ආයි ලියන්න ලොකු හේතුවක්. බලමු වෙලාව හොයාගෙන මොනා හරි කරන්න වසන්ත කාලෙ

      Delete
  6. මම උඹේ එක යින් කරලා පොඩි එකාගේ එක දැම්මා

    අඩු ගානේ පොඩි එකාවත් ලියයි නේ...

    ReplyDelete
  7. ඇඩ්ඩින් මතියෝ... එතනින් ගිහින් කියෙව්වා..
    ජයවේවා..!!

    ReplyDelete
  8. යකෝ මේක සී ජී ආර් එකේ රස්සාවල් වාගේ උනානේ

    ReplyDelete
  9. ලුං වල කියන්නේ මොකද්ද බොලව්? හැක්

    ReplyDelete
    Replies
    1. සෙතීට ජයවේවා... ඕං මගේ මූණු පොතෙත් ෂෙයා කළා...

      Delete
  10. හොඳමයි ඇඩ්ඩිං මාමෙ. මේ යනගමන්.

    ReplyDelete
  11. නියම වැඩක් මචන් !
    කොල්ලා පැල් බැඳගෙන කියොන එකෙක් වෙච්චි, අප්පා ත් බ්ලොග් රචකයක් වෙච්චි. ඉතින් හොඳින් ලියලා ඇති.
    කොල්ලාට ත් දෙමාපියන්ටත් සුභ පැතුම් !

    ReplyDelete
  12. ඉන්දිකට පෙන්ෂන් යන්න වෙයිද...මටත් මුලින් බ්ලොග් එකක් හදාගන්න උපදෙස් දුන්න මතක් වුණා.

    ReplyDelete
  13. එල කිරි. අනිවා තාත්තට වඩා නම් හොඳවෙයි ෂුවර් එකටම

    ReplyDelete
  14. ගස්වල කටු මොකට උල් කරනවද ? පොඩි එකා උඹටත් වඩා හොඳට ලියනවා. උගේ ඉමැජිනේෂන් එක සුපර් !

    තව ටික දවසක් යනකොට අර උඩින් දාලා ඉන්න පින්තූරේ පොඩියට ඉන්නේ උඹ කියලා කට්ටිය කියාවි.......! :D

    ReplyDelete
  15. නියම වැඩේ තමා...පොඩි කාලෙම බ්ලොග් පිස්සුව හදවන්න ඕනෙ...රන්වන් මකරා,මම අපිත් මේ පොඩි කාලෙම බ්ලොගින් වලට සෙට් උනු අය තමා...

    ReplyDelete
  16. මචන්ස්ලා, බොහොම ස්තූතියි උඹලගෙ සපෝට් එකට.

    පොඩ්ඩට හරිම සතුටුයි මාමල, සීයලගෙ කමෙන්ට්ස් දැකල.

    ඔක්කොම කමෙන්ට්ස් බලල මගෙන් අහනව ඇයි ලේඩීස්ල කවුරුත් නැද්ද තාත්තගෙ යාලුවො කියල :D

    ReplyDelete
    Replies
    1. ලේඩිස්ලා සිංහයාට බයයි පොඩි පුතේ

      Delete
    2. ලේඩිස්ලා එන්නකෝ අනේ... මේ දරුවා වෙනුවෙන්.... මචෝ ඒ බ්ලොගට ගියා. කොල්ලට සුබ පතනවා.

      Delete
  17. නියමයි. අපිත් බලනවා !

    ReplyDelete
  18. මගේ සුභ පැතුම පරක්කු වෙලා

    ReplyDelete
  19. sinhayo koluwata blog eka hariyata hadala deepan

    ReplyDelete
  20. ඔන්න මමත් කමෙන්ට් කළා. කොල්ලට හොඳ හැකියාවක් තියෙනවා. අපේ පොඩි එකීත් කතන්දර ලියනවා. වැඩේ උගන්වන්න ඕනේ. මට බය ලැප් එක ඉස්සරහින් අයින් කර ගන්න බැරි වේවිද කියන එක?

    ReplyDelete
  21. ගොඩක් සතුටුයි අයියේ, පුතාගේ බ්ලොග් එක බලලම ආවා. ඒ වගේම අගේ කරනවා අයියාවත් , ගොඩක් වැඩිහිටියෝ දරුවන්ට අවස්තාව දෙන්නේ නැත්තේ වගකීම් ගන්න භය නිසයි. අන්න එකයි මං අයියව අගේ කරන මුලිකම හේතුව.ඒ ගරුත්වය අක්කිටත් අයිතියි.
    මම ලියන්නේ කව්රුත් මාව කියවන්න ඕනේ කියන හැඟීමෙන් නෙවෙයි , මං ලියපු දෙයක් ආයෙත් මට කියවන්න ඕනේ කියන හැඟීමෙන්. ඒ අතරට අනිත් අයගේ අදහස් අගේ කිරීම හැමදෙයක්ම හොඳ උත්තේජනයක් ලියන්න. පුතාගේ පැත්තෙන් ගත්තා ම පුතා ඊට වඩා ගොඩක් ඉදිරියෙන් , තව ත් ලස්සනට ලියාවී ඒ නිසා follower gadget එකත් එකතු කරන්න.
    ඒ විතරක් නෙවෙයි හොඳ - නරක මත වගේම ඒ දෙකම සමසිතින් ඉවසන්නත් එයා ඉගෙන ගනීවි.
    සුබ පැතුම්..!

    ReplyDelete
  22. මීට අවුරුදු තුනකට කලින් පුතු ඒක්ක පිස්සු නැටුව හැටි මතක් වුණා. ඔන්න මාත් ගොඩ වුණා ඒහෙනම්.
    මං සුබ පැතුවා කියන්න ඉන්දික.
    ජය..!

    ReplyDelete